Skip to content

Lyrics

සිංහල
තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මඟ වනස්පති ලිය ලදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා අළුත් මලින් පිරි වනෝද්‍යානේ සැඳෑ ‍බොල් හුළ‍ඟේ මට තනියක් දැනුණා තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුණා වැලපෙන මා හද කැටපත් පවුරේ හංස ගීතය ලියැවෙන දා පළමු අරුණු රන් රේඛාවක් සේ ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා පිපි මලින් මලේ රොන් සුනු විසිරී හද දිදී සුසුම් නඟනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් (කොහි ගියේද මට සිතුණා... )

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs