Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: ගැටවරයෝ (1964) ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ඔරුවට ගොඩවී මා එනවා ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට නළ රැලි මත නැඟිලා එනවා ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් (රැල්ලේ පාවී වැල්ලේ බිහිවන සංගීතෙන් අප හමුවෙනවා... ) සැන්දෑ යාමේ පෙම් රස කළතා සැන්දෑ යාමේ පෙම් රස කළතා සාගර ජල කඳ නැලැවෙනවා.... ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්.... (මුතු බෙලි කටුකිරි කවඩි පුරාගෙන ඔරුවට ගොඩවී මා එනවා... ) මගේ අනාගත පැතුම් විමානෙට මගේ අනාගත පැතුම් විමානෙට සෙනෙහස පොදි බැඳ ගෙන එනවා.... ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්....

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs