Skip to content

Lyrics

සිංහල
සේසත් නංවා සෙමෙර ද සොළවා කරඩුව සදලා ගජ යානේ දුරුතු පොහෝ දා කැළණි විහාරේ පෙරහැර යනවා සඳපානේ තමිමැට දවුලේ හා ගැට බෙරයේ හඬමුසු හොරණෑ සක් නාදේ සමලින් එක්වේ ගිගිරි විරාමේ නළුවන් සොළවා තැබූ පාදේ ලාළනියන්ගේ සුළලිත ගමනේ තිසර ගමන් තාලය පෑවේ පිබිදුනු උවනේ නෙත් වල කැල්මේ බුදු බැති ඉතිරේ රස වෑහේ පන්දමි එලියේ තෝඩු ද සවණේ හෙමිහිය ලෙළදේ වත දෑහේ මිහිරි පබාතේ පහන් තාරුකා ගණනක් පායා එන ලිලේ සීත සමීරේ දා බිඳු නොනැගේ රැළි වලි නැංවේ සුදු සේලේ කෙහෙ රොද නැටවේ ගැමි ලිද ඔද වේ ගෙල වට බැබලේ මුතු මාලේ කැළණි විහාරේ පෙරහැර කාලේ ඔද වැඩි මිහිරේ රස ඕලේ දුරුතු සිහින හා පාවෙන අතරේ සැනසිළි නේවිද සිත කාගේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs