Skip to content

Lyrics

සිංහල
සීත පිණි බිඳු අතුරවා - නිල් උපුල් මත තවරා සෝකයෙන් මැළවුණු ඔබේ - නෙත කදුළු සිහි ගන්වා මා නුවන් - කළඹයි - උදෑසන අවුදින් ඈත කඳු නිම්නෙන් - ගලා යන - දිනිඳු රැස් දහරින් අවර ගිරේ සිතුවමි මැවී - සේ සිහින ලොව අපගේ මා සිතුම් කළඹයි - සැඳෑ කල අවුදින් නීලඹර කර හුදකලා - සුමුදු සඳවත සඟවලා සුසුමි ලන ඝනදුර මවා මගේ ලොවට ඔබ කවරදා වත් නො-එන බව සඟවා ජීවිතය හඩවයි - රාත්‍රිය අවුදින්

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs