Skip to content

Lyrics

සිංහල
සත් කුළු වැව් වළළු මතින් ලොවට වඩින හිරු සත් සමුදුරු වළළු දියෙන් නිමිද නගන හිරු සත් ගුවණින් කිරණ තනා එළිය ගෙනෙන හිරු සිත් තුළ ඇති අඳුර මකන් එළිය පිරුණ හිරු සඳ දහසක් පායන රෑ එළිය නොවන සිතූ තරු දහසක් පායන රෑ එළිය නොවන සිතූ නෙතු දහසක් මිණි පහනින් එළිය නොවන සිතූ ඔබ පහසක් ලද පමණින් එළිය නොවන සිතූ රෑ පෙරයම නිදි නොලබා සිහින සොයන නෙතු රෑ මැදියම නිදි සොහොනේ සිහින දකින නෙතු රෑ අළුයම බොල් පින්නේ කදුළු හෙළන නෙතු දාවල විත් අවදි කරන් නිදන නිසල නෙතු

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs