Skip to content

Lyrics

සිංහල
රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෲ භූමියයී මාතෲ භූමියයී... රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෲ භූමියයී මාතෲ භූමියයී... ආදි සිංහලේ ඒ ධීර මීමුතුන් ලෙයින්... සාර වූ උදාර වූ මාතෲ භූමියයී.. මාතෲ භූමියයී මානීක්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී මානීක්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී ඇත්තේ ඒ අභිත දූ පුතුන්... ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ (ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ) ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි... සින්ධූපමාන වැවු තලා මතින් ඇදී... සින්ධූපමාන වැවු තලා මතින් ඇදී පද්ම රේනුයෙන් සුඝන්ද වී... රන් කරල් නමා හමා සිත් ප්‍රබෝදයෙන් පුරා (රන් කරල් නමා හමා සිත් ප්‍රබෝදයෙන් පුරා) එන්නේ උන් හෙළූ ප්‍රාණ වායුවයි... ගංගා තරංග රාව දී රිදී වනින්... ගංගා තරංග රාව දී රිදී වනින් මල් පිපී කුළින් කුලේ හැපී... ගායනා කරන්නේ ආකාශයේ නැගී... (ගායනා කරන්නේ ආකාශයේ නැගී) වීරයින්ගේ ඒ යසෝ ගීතයයි... රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෲ භූමියයී මාතෲ භූමියයී... ආදි සිංහලේ ඒ ධීර මීමුතුන් ලෙයින්... සාර වූ උදාර වූ මාතෲ භූමියයී.. මාතෲ භූමියයී

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs