Skip to content

Lyrics

සිංහල
රන් වන් කෙත නෙළන ලියේ.. රන් ගෝමර පැළදි ළියේ... රනේ රුවට රන් - ගොයම ලෙළෙන්නේ පිනේ මහිම රන් - උවන දිළෙන්නේ ඉණේ සේල රන් - චාමර වැන්නේ අනේ ළදුනි ඇයි පිටුපා යන්නේ චන්දන මල් නිල් වරළේ ගවසා - බැන්ද මහිම ඔබට නේද බැන්ද මහිම ඔබට නේද අංජන දුන් රන් තිලකේ - ඇන්ද මහිම ඔබට නේද ඇන්ද මහිම ඔබට නේද මලේ මුකුළු බල - බඹරිදු දන්නේ සදේ මුකුළු පෙති - කුමුදු දකින්නේ වතේ කැල්ම මා - නෙතු බැඳ ගන්නේ සිතේ ඇල්ම නෙත - ඔබ හැර යන්නේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs