Skip to content

Lyrics

සිංහල
රෑ...රෑ හඳේ හේනකින් (සී පද ඇහුණයි... ) හී... හීනෙකින් ඒ හඬට (මගෙ හිත බැඳුණයි... ) රෑන බඹරු වටකරගත් වැටකේ මල වැන්නේ නුඹෙ රූ වරුණා සී පද මට කියන්න හිත දෙන්නේ මී... මීරකින් කීවොතින් (ගී කවි සින්දු... ) ආ... ආදරෙයි කෝල පෙම් (රූබර ළන්ඳු... ) හව්හරණෙට පැල ඉණි වැට විතරයි කල එළියේ මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ පා... පාළුවේ රෑ දවල් (කිමද තැවෙන්නේ... ) ගං... ගං ගොඩින් කවුරු හෝ (කැන්දන් එන්නේ... ) නපුරු බහට සොබා රුසිරු අඩුවක් නොම වන්නා රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා රෑ...රෑ හඳේ හේනකින් (සී පද ඇහුණයි... ) හී... හීනෙකින් ඒ හඬට (මගෙ හිත බැඳුණයි... )

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs