Skip to content

Lyrics

සිංහල
පෙම් රළ පතරින් නිබඳව නැහැවෙන මිනිස් හඬින් තොර පාළු දිවයිනේ මා තනි කර දා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිදේවා කණකොක් සුද පමණයි බොල් අහසේ සිතිජය රේඛාවේ මුව වීණාවේ මන්ද ස්වරයෙන් මුහුද හඬන හඬ සවනත නොනැගේ මා තනි කර දා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිදේවා සිත් සැණකෙළියේ සිතුවිලි සළෙළුන් නිහඬව නිදා සිටී වියරු සිනා හඬ රස ගී ගංගා සිඳී බිඳී සැඟවේ සැඟවේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs