Skip to content

Lyrics

සිංහල
පායන් රන් සඳ පෙර ගිරි මුදුනෙන් නැඟ එන පාළුව නිවා දමා කොතෙක් වෙලා මම බලා හිඳින්න ද ඔබ එන තුරු හිස් දෙනෙත යොමා නිල්මිණි තරු කැට නෙතු යුග පියැ වී නිදිබර වී ඉන්නේ පුන් සඳ වෙනුවට මේ කුළු නැගිලා අඳුරයි මේ එන්නේ ඈත එපිට සිට යුගයෙන් යුගයට ප්‍රේමාතුරයන් හෙළූ කදුළු කැට එකතු වෙලා දෝ කඩා හැලෙන මේ මහ වරුසා මැවුණේ ඈත එපිට සිට යුගයෙන් යුගයට ප්‍රේමාතුරයන් හෙළූ සුසුම් වැල් එකතු වෙලා දෝ කඩා හැලෙන මේ කුණාටු වැල් මැවුණේ ඉඳහිට මුවගේ නැගුණු සිනා රැළි අතරමංව යන එන මං නැතිවී වියරු වැටී දෝ විදුලිය වාගේ දුව පැන මේ යන්නේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs