Skip to content

Lyrics

සිංහල
පාළොස්වක සඳ පායනු වැන්නේ සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා පූරුවේ කල පිං අපට කොයින්දා පූරුවේ කල පිං අපට කොයින්දා සැතපෙන නින්දෙදි රෑ තුන්යම හීන හතක් පෙනුනා සඳ කිඳුරෙකු ලෙසිනා එමසඳ ඔබේ රුව මං දුටුවා සියුමැලි වත දකිනා මා නෙත ආල මතින් බැඳුනා මියුරු තෙපුල් නගනා සවනත බිඟු ගී රැව් නගනා සවනත බිඟු ගී රැව් නගනා පාළොස්වක සඳ... කියා ගන්න බැරුවා හිතු දේ තොල් අතරේ රැඳුනා මනාපදෝ මන්දා මාගෙ සිත ආදර මල් පිපුණා තුන්හිරි ගෙලට ළඳේ රිදියෙන් මාල පොටක් දෙන්නා එරබදු මල් මාසේ නැකතට කැන්දාගෙන යන්නා නැකතට කැන්දාගෙන යන්නා පාළොස්වක සඳ...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs