Skip to content

Lyrics

සිංහල
පාලු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි යුගයෙන් යුගයට හදවත් ඉල්ලන බලාපොරොත්තුව පැතුම ඇයයි පාලු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි අසාර වූ මහ පොළොව මමයි ගලා බසින දිය දහර ඇයයි යුගයෙන් යුගයට හදවත් නලවන සදාකාලික වු සැපත ඇයයි පාලු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි කැළෑව මැද ක‍ටු පඳුර මමයි පිපී වැනෙන මල් පොකුර ඇයයි යුගයෙන් යුගයට හදවත් පුරවන අඳුරු වේදනා කැටිය ඇයයි පාලු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs