Skip to content

Lyrics

සිංහල
ඔබේ සිනා - විකසිත වේවා විකසිත වේවා නිවා පහන් ටැඹ ප්‍රාර්ථනාවේ හලා පැතුම් මල් මගේ ලොවේ මා හැර ඔබ යන නැවුමි ලොවේ ඔබේ සිනා - විකසිත වේවා අපේ නිසංසල පෙම් කඳුරැල්ලෙන් වළා රොදක් සේ ඈතට පාවී ඔහු පා සෙවණට ඔබ යන ගමනේ සුසුම් තැවුල් - ඔබට නොවේවා ඔබේ අහිංසක නෙත් ගඟුලැල්ලෙන් ගලා හැලෙන මුදු හසරැල් දහරෙන් දැවටී සෙනෙහස ඔහු අද සෙවණේ නැවුම් පැතුමි- පියුම් පිපේවා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs