Skip to content

Lyrics

සිංහල
මුණි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නැලැවෙන්නේ ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන් ගෙ අතේ නැළවෙනෙ බව සිතනු පුතේ නිදහස්‌ හිරු පායනවා දෑ බැති මල් පිබිදෙනවා සිරිලක්‌ මව හිනැහෙනවා මගේ පුතා නැළවෙනවා කැප්පෙටිපොළ සෙනවිසුරු කළ රුපු සෙන් මන් දැදුරු අවිරු විකුම් පෑ අයුරු නුඹට පුතේ වෙයි මියුරු ජාතිය රන් විමනක්‌ වේ ආගම මිණි පහනක්‌ වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹවේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs