Skip to content

Lyrics

සිංහල
මිහිරියේ ගැමි ළඳේ මිහිරියේ ගැමි ළඳේ කැලේ මල් සුවඳ මුසු මිහිර දෙන නව උදේ පැන් පුරා කළය ගෙන තබා ඔබ මුදු බඳේ අහිංසක මුව දෙනක ගුණය රැඳවූ හදේ උදෑසන මා දකින මිහිරියේ ගැමි ළඳේ ඔබ මුහුණු දකින් විට නොපිපි වන මල් පිපේ කියඹු වැල් මා බලා ඔබේ නළලත හැපේ ඔබ නිසාමයි ළඳේ ගමට මෙපමණ ඔපේ උදෑසන මුණ ගැසුම පමණි මට ඇති සැපේ ඔබ දකිනු හැර අනෙක්‌ සම්පතක්‌ මට නැති මුළු සොබාවික ලොවම දිගැස්‌ යුවළට ගැති දවස සරුවට ඔබේ එක හිනාවක්‌ ඇති රැගෙන ආ නව එළිය මගේ ගමට සඳවතී

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs