Skip to content

Lyrics

සිංහල
මළ ඉර බසිනා සැන්දෑ යාමේ ඔබ ගෙන් සමුගන්නම් (අඳුරට ඉඩදී අඳුරේ සැඟවී... ) ඔබ ගෙන් වෙන් වී මම යන්නම් (නිදි නැති යහනේ රෑ යාමේ කාංසියේ ඔබ හිඳිනා වේලේ... ) (සුළඟේ දැවටී ඔබට හොරෙන්... ) මම ඔබ වෙත එන්නම් (සියුමැලි දෑතින් ඔබ හිස අතගා... ) ඔබ නිදි කරවා මම යන්නම් (අළුයම පිබිදෙන ඔබගේ දෑසේ මල් පෙති අග පිනි කඳුලක්‌ රඳවා... ) (සුසුමක්‌ වාගේ ඉන් පිටවී... ) ඔබ ගෙන් වෙන් වෙන්නම් (අඳුරට ඉඩදී අඳුරේ සැඟවී... ) (ඔබ ගෙන් වෙන් වී මම යන්නම්... )

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs