Skip to content

Lyrics

සිංහල
කරදර පොදි බැඳ ගැල පිට පටවා කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන මේ ජීවන මඟ අප යනවා ඒ ගමනේ දුක් දාහෙ නිවාලන (සී පද මුවගින් පිට වෙනවා.... ) අප යන මේ මඟ කළු ගල් මතු වී පය රත් වීලා බුබුළු නැඟෙන සඳ දෑසින් කදුළැලි පිට වෙනවා ඒ ගමනේ දුක් දාහෙ නිවාලන (සී පද මුවගින් පිට වෙනවා.... ) කිරිගල් පොත්තේ කන්ද නගින විට ගම සිටිනා ඔබ හදේ ඇඳෙනවා ඒකෙන් ගමනට හිත දෙනවා ඒ ගමනේ දුක් දාහෙ නිවාලන (සී පද මුවගින් පිට වෙනවා.... )

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs