Skip to content

Lyrics

සිංහල
කදුළු කතාවේ නිමක් දුටුවදා සිහින ලතාවේ මලක් පිපුණුදා සතුටු ගගක් ගැලුවා හදට හදක් බැඳුණා..... ආසිරි චාමර පවන් සැළී සෝ දුක් සංකා සෙමින් මැකේ දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ අපේම ලොව අප තනි වූයේ.... සුසුමක පා කර හසුන් යවා දෙතැනක තනිවී හඩා දොඩා ගෙවූ අතීතෙන් අප සමුගන්නෙමු අලුත් ලොවක රන් කිරුළු දරා....

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs