Skip to content

Lyrics

සිංහල
කැළේ පිපුණු මලක් විලස ඇගෙ රූ සිරි දිලෙනා ඇලේ දොලේ පෙන පිඬු ඇගෙ සිනා වතින් සැලෙනා කැලේ එපිට ඈත රටක ගව් සිය ගව් දුරිනා සිදාදියෙන් එ මල සොයා කවුදෝ එනු ඇසෙනා සිදාදියේ මන්දිරයක සඟවාලන ලෙසිනා දෑස වසා ඇය ගෙන යන රහස් කතා ඇසෙනා කැළේ පිපුණු මලක් විලස.. සිදාදියේ මන්දිරයක බැල මෙහෙවර කරනා අනාගතය සිහිවී ඇගෙ නෙත කඳුලැලි සැලෙනා හදේ නැගෙන ගිණි දැල්ලක් ඇගෙ රන් බඳ වෙලෙනා කැළේ පිපුණු සොඳුරු මලට නැතිදෝ රැකවරණා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs