Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: ආරාධනා (1981) ආරාධනා...ආරාධනා... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න ආරාධනා...ආරාධනා... නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ - කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා ආරාධනා...ආරාධනා... එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ ඔබේ උණුසුමේ - යළිඳු උපන්නෙම් බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා ආරාධනා...ආරාධනා...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs