Skip to content

Lyrics

සිංහල
ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳිනවා දීප චන්ද්‍ර රේඛාවෙන් මුහුණ බලනවා වළාකුලෙන් අහස්‌ තලෙන් බිමට වඩිනවා.... (පායන තරු ඇස්‌ ඇරලා බලා සිටිනවා... ) පීදෙන මල් පෙති විදහා මුකුළු කරනවා සුළන් රොදින් ඇදී ඇවිත් ඇඟේ වෙලෙනවා ගහකොළ සෙලවෙන තාලෙට රහස්‌ කියනවා.... (මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා... ) සීතල පොද වරුසාවෙන් සුසුම් සළනවා ඇළ දොළ ගං ඇද හැලීලා ගිමන් නිවෙනවා මගේ හදට සදා සතුට ඔබෙන් ලැබෙනවා.... ඉරට මුවාවෙන්....

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs