Skip to content

Lyrics

සිංහල
මගේ ළඟට වී සුරතල් වුණු හැටි යන්තමට වගේ මතකයි යළි දැකගන්නට ආසයි මල් කැකුලක් වගෙයි ලස්සන ඔබේ රුව සිහිනෙන්වත් ඇවිදින් හිනැහෙනු මැන ආදරෙන් එවිට මගේ හිත සැනසේවි සොයුරියේ..... මගෙන් වෙන් වී සුර ලොවට ගිය සොයුරියේ මේ වනතුරු ඔබ මා ළඟ සිටියා නම් මල්ලියේ කියා මට අමතා ආදරෙන් කතා කරන හැටි ඇහෙනවා වගේ අම්මා තාත්තා තවමත් ඔබ ගැන සිහි කරමින් ලතැවෙන්නේ පතමි මා මෙලෙසින් හමුවනු මැන සොයුරියේ....... මගෙන් වෙන් වී සුර ලොවට ගිය සොයුරියේ මේ වනතුරු ඔබ මා ළඟ සිටියා නම් මල්ලියේ කියා මට අමතා ආදරෙන් කතා කරන හැටි ඇහෙනවා වගේ මගේ මතකයේ ඔබ සැරිසරයි ඔබේ නාමයෙන් ගැයූ ගීතයයි..... (මගෙන් වෙන් වී සුර ලොවට ගිය සොයුරියේ මේ වනතුරු ඔබ මා ළඟ සිටියා නම් මල්ලියේ කියා මට අමතා ආදරෙන් කතා කරන හැටි ඇහෙනවා වගේ..... )

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs