Skip to content

Lyrics

සිංහල
හැඟුමක රස මැවී සිහිනෙක පාවෙවී ඉමී ඉවසුම් නැති හදින් ඉතිරෙන ආදරෙන් කුමරියකගේ මුවින් ගැහෙනා මුදු හඬින් පෙමින් අමතක වී සුසුම් තැවුල් පැතුමද ඉටු වුනා (මට කළ ආරාධනා නුඹේ නෙතු පානා සිනා හැම මොහොතෙම සුව කළා රන් හුයකින් එක් වෙලා... ) කඳුලැල්ලක්වත් නෙතු මත නොරැඳී නූපන් සුසුම් නොමැකෙනා සේ නුඹව රකිනවා සෙවනැල්ලක් සේ ඔබ ලඟම රැඳී පපුතුල උණුසුම් ගඟුලේ නුඹව දෝ වනවා පෙම් ගීතිකා හද පුරා මගේ ප්‍රේමී නමින් ලියවුනා මට කළ ආරාධනා.... රැඳුනා පැතුමන් සිට පෙර භවයකදී ඉවසුම් නොසන්සුන් උනා ඈ මගෙම වෙන තුරා කවුරුත්ම නොවූ දෙවිදුන් අතින් මැවූ පෙරුමන් දැරු පෙම් කතාවක් මෙලෙස ඇරඹුනා පෙම් ගීතිකා හද පුරා මගේ ප්‍රේමී නමින් ලියවුනා මට කළ ආරාධනා....

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs