Skip to content

Lyrics

සිංහල
වන මැද තනිවූ රජ දහනේ පියබඳ සෙනෙහස සුව දැහැනේ කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ සැඟවුනි නිසලව ගිරි මුදුණේ කෝ අද ඒ කිංකිණි රාවේ නටබුන් නිසසල සීගිරියේ මැකී ගියා සැඟවී ගියා කාලයෙ වැලි තලයේ කලා වැවේ දිය රැලි අතරින් දාසෙන් රජු යලි නැඟේ දෑතම පාමින් වැව් දියඹේ ඔහු සතු සම්පත පෙන්වන්නේ ඔබ ලද ජය කොහිදෝ රජුනේ වන මැද තනිවූ ගිරි මුදුනේ ඔබ සැනසුම කොහිදෝ රැඳුනේ ලඳුනගෙ මුදු බඳ සුව යහනේ සැලෙයි ගොයම් රන් කරල් බරින් අනුරාපුරවරයේ කලා වැවේ දිය රැලි අතරින් දාසෙන් රජු ගුණ ගැයේ වන මැද තනිවූ ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs