Skip to content

Lyrics

සිංහල
උඩ මලුවේ මගෙ ස්වාමිනේ අවසර කරුණා කරන්ඩ හතර පේරුවේ අපටම මේ දොරඟුළු ඇයි කියන්ඩ හේන් කුඹුරු පාළු වුණා වැහි කඳුලක් නෑ දකින්ඩ දරු පැටවුන් ගොදුරු වුණා මැලේරියා මදුරුවන්ට එහෙව් දුකින් සරි කරගත් කිරි ආහර ටික පුදන්ඩ උඩ මලුවේ මගෙ සාමිනි රන් වැට දොරඟුළු අරින්ඩ ඉරි තැලිච්ච වැව උතුරා සුදු නෙළුමක් මෝදු වෙන්ඩ හැමදාමත් ගිනි උහුලන අපට පිරිත් පැන් ඉහින්ඩ වැලි මලුවේ පෙරලි පෙරලි ඔය හෙවනේ නිවන් යන්ඩ උඩ මලුවේ මගෙ සාමිනි රන් වැට දොරඟුළු අරින්ඩ උඩ මලුවේ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs