Skip to content

Lyrics

සිංහල
තිදස පුරේ පියගැට පාමුල ශෛල තලාවක සඳ ලේඛාවක කල්ප විනාසය දිවැසින් දුටුවෝ සන් කල කැටයම සඳකඩපහණයි නුවණ තියුණු කල තිසර ලතාවයි තුරඟා ජවය සමානයි සවිබලයෙන් ගිජිඳා අසමානයි සහයෝගය ගව රෑනයි පිවිතුර පියුමයි බැඳුණ ලියවැලයි පිරිපුන් කැටයම සඳකඩපහණයි නිදා තිසර ගජ තුරඟුන් සේනා මරු කතරේ කුර ගානා සිඟාල සූකර වවුලිඳු සේනා නිරුදක පෙලහර පානා කෙලෙසුන් පිරුමයි බිඳුණු ලියවැලයි නටබුන් කැටයම සඳකඩපහණයි

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs