Skip to content

Lyrics

සිංහල
සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි ගිමන් නිවාලන සුළං රැලක් වී ඔබේ සිනා මට පවන් සලයි සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි අසරණ වී මා ජීවිත කතරේ අන්ධකාරයේ සැරිසැරුවා ඔබේ නිහඞ නෙත ඈත ක්ෂිතිජයෙන් උදා වෙලා මට අත වැනුවා සීතල දිය පිරි.../ දෑසට නොපෙනෙන ගණ නිල් අඳුරේ ඔබේ හදින් මා දෙස බැලුවා දෑසට නොපෙනෙන මා හද පතුලේ සුන්දරතාවය ඔබ දුටුවා ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන ආදරයෙන් මා වෙත පිදුවා ඒ මොහොතෙම තව සිය දහසක් මල් මා වටකර හැමතැන පිපුණා සීතල දිය පිරි.../

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs