Skip to content

Lyrics

සිංහල
පොළොවෙන් මතුවන මිණිකැට මනරම් දිවයින මගේ රට ගැතියන් නොව පිටරටකට බැතියෙන් සුරකිමු සදහට පොළොවෙන් මතුවන මිණිකැට මනරම් දිවයින මගේ රට ගැතියන් නොව පිටරටකට බැතියෙන් සුරකිමු සදහට ගිරි සිරසින් සැදී ඇදී කළු මහවැලි කැළණි නදී දසත ගලා දෙරණ සරා හෙළ බිම සරු කරන නදී සීගිරියේ බිතු සිතුවම් ඉසුරුමුණියේ ගල් කැටයම් සිරි ඉතිරේ අනුරපුරේ යුගයක හෙළ විකුමන්... වැවෙන් ජලය කෙතට හලා ගලෙන් විකුම් පිළිම නෙලා පොළොන්නරුවේ හෙළ විරුවන් රුවන් දෙරණ අසිරි කළා අසිරිය දැක මගේ රටේ පිටරැටිනගේ අවි ගැටේ එකමුතු වෙමු නිති සුරකිමු උරුමය අපේ රටේ... පොළොවෙන් මතුවන...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs