Skip to content

Lyrics

සිංහල
පින්නේ රැයේ කඩ අගුවක නිදනවද ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද කරවල වාඩියක සිරවී තැවෙනවද මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද අම්මා විඳ දරාගෙන හැම දුක් ගැහැට නැති බැරි වුණත් දුක දුන්නේ නැහැ නුඹට බැරි වුණු නිසා මට අකුරෙන් ජය ගන්ට දහ දුක් ඉහිලුවේ නුඹ තැනකට ගන්ට ඉස්කෝලේ නොයා කැලයට පැන්නාට තරවටු කලේ ගුරු දෙගුරුන් නුඹෙ හොඳට ගහ බැන්නේ හදාගන්නයි මං නුඹට හිතුවේ අනේ ඇයි ඒ හැම වැරදියට නුඹ නැති දා ඉඳන් අම්මා හැඞු කඳුලෙන් ඔත්පල වුණා අප්පච්චී සංකාවෙන් ගේ මළ ගෙයක් වාගෙයි අද නුඹ නැතියෙන් හනිකට වරෙන් ඉගිලී ඉන්නා තැනෙකින්

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs