Skip to content

Lyrics

සිංහල
පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා බේරෙ වැවට හඳ පෑව්ව වාගෙයි මට උඹේ සිනා කබා කුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා මහ මංකඩ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා ට්‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා ඉංගිරීසි රැජිණ වගේ මට නම් උඹ සෙලෙස්තිනා

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs