Skip to content

Lyrics

සිංහල
මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ මුදු සීත සුලඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ මේ සෙනෙහෙ කන්ද නුඹේ හිතට බර වැඩි වුණු හින්දා මගෙ පැතුම් කන්ද නුඹෙ පාමුල විසිරුණිදෝ මන්දා නෑසියන් බහට අවනත වී මා හැරගිය හින්දා මගෙ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා මේ අඩ සඳම ... රියසක ලෙස පෙර පින පව අප පසුපස ආවේනම් මේ විරසකයක් වෙලා මොටද පෙර පෙම් කෙරුවානම් රහසක් නෑ මින් මතුවත් වෙනසක් නෑ මා නම් හසරක් නැති ආදරයක් යළි නොපතමි කිසිදා මං මේ අඩ සඳම ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs