Skip to content

Lyrics

සිංහල
මට මා හමුවුණා මාද මට හමුවුනා ඝණ නිල් වනන්තරේ කාත් කවුරුවත් නැති එක නිමේෂයේ මට මා හමුවුණා මාද මට හමුවුනා........ මොහොතක් යෙදුනා අප දෙදෙනා පිළිසඳරේ භවයක් සේ හැඟුනා අරුමය ඒ ඇසුරේ..... සිතු සම්පත් සැදුනිද දැසි දස්සන් ලැබුණිද ඇසු විට මගෙන් මා ප්ර මුදිත දෑසින් මට පිළිතුරු ලැබුනා මට මා හමුවුණා මාද මට හමුවුනා....... සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා ඇසුයෙමි පැණයක් හිනැහෙද්දී සිත විදහා ලද හැම දෙය අවසන සතුටින් ඔබ සිටිනෙද ඇසුවිට මුණිවත පා කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා මට මා හමුවුණා.......

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs