Skip to content

Lyrics

සිංහල
මල්ලියේ නරක මිතුරන් පිලිගන්ට එපා නංගියේ නොහොබිනා කම් හුරු වෙන්ට එපා බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා දළදා මැදුරේ තේවා හඬ රැව්දෙනවා කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා සියක් වාරයක් මැරි මැරි උපදිනවා තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා ලැබුවේ අවවාද නොහොබින ආරකය දුදනන් නිසා විය හෙනහුරු මාරකය මං පෙර ගියේ වරදින් පිරි පාරකය ඒ ගිය මඟේ අවසානය පෝරකය

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs