Skip to content

Lyrics

සිංහල
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා හිඳින්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ තනි යහනේ සරදම් රටා වියන්නේ මහ වැස්සක්... විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ මහ වැස්සක්...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs