Skip to content

Lyrics

සිංහල
ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා සැරසෙමුද නැසුණු ලොව අභිමුවේ විජය කොඩි නගන්නේ කවුරුන් ද..... එකම ඉර එකම සඳ පිහිට කොට ගත් අපට එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිලකට උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට.... වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට එකමුතුව ජය පතා අනාගත පරපුරට අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට.....

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs