Skip to content

Lyrics

සිංහල
කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ පුළුස්සගත් රොටි‍ය කරවී මොකද මන්දා ලිපට වූයේ හදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ.. සැලේ ගහකොළ සුළඟ ඇත එද සිහිළ කොයි අත ගියාදෝ කෝල බව මුසු සිනා හඬ නැත සවන් බිහිරිව ගියාදෝ... පුරුදු නිවහන නුහුරු වීනම් කාට මේ ගැන කියන්නෙම් කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑ ගම් ගොහින්..

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs