Skip to content

Lyrics

සිංහල
සැවන්දරි හොරහින් අඬගැහුවා අවංක මං එතැනම ගල් ගැසුණා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා විල්ලුද අතිරූ පොලොවේ ගැසුවා සිහිනෙන්ද සංවාද දහසින් කෙරුවා සංගීත සන්ධ්‍යාව සේ රස පිරුණා තනියෙන් මුමුණා තනියෙන් අමුණා නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මග හැරුණා නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මග හැරුණා සැවන්දරි හොරහින් අඬගැහුවා අවංක මං එතැනම ගල් ගැසුණා සැවන්දරා සුවඳින් මණ විඳිනා අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුණා නිරන්තරේ සියොලඟ පිරිමදිණා කතන්දරේකට නුඹ මුල පිරුවා සිහිනෙන්ද සංවාද රහසින් විසදා සංගීත සන්ධ්‍යාව සේ රස සසදා තනියෙන් හිනැහී තනියෙන් හඬලා නුඹ ගැන හිතලා නුඹටම ගයලා සසරේ දුක මග හැරුණා නුඹ ගැන හිතලා නුඹටම ගයලා සසරේ දුක මග හැරුණා සැවන්දරා සුවඳින් මණ විඳිනා අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුණා සැවන්දරි හොරහින් අඬගැහුවා අවංක මං එතැනම ගල් ගැසුණා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා විල්ලුද අතිරූ පොලොවේ ගැසුවා සිහිනෙන්ද සංවාද දහසින් කෙරුවා සංගීත සන්ධ්‍යාව සේ රස පිරුණා තනියෙන් මුමුණා තනියෙන් අමුණා නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මග හැරුණා නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මග හැරුණා සැවන්දරි හොරහින් අඬගැහුවා අවංක මං එතැනම ගල් ගැසුණා

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs