Skip to content

Lyrics

සිංහල
සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ සේද සිනා උඩු සුළගේ පාවෙලා ගියේ හාද වෙලා උන්නු මතක නැතිද ඔබ ලයේ ආදරයෙන් බලන්න එකම එක වරක් ප්‍රියේ සුළු මොහොතක සුවය දිදී දැවටුනත් නෙතේ සුන්දර බව කොච්චරක්ද ඉන්ද්‍රචාපයේ තරු කැකුළක් වී ඉන්නම් ඔබ සමීපයේ සඳ සාවිය වී හිදින්න චන්ද්‍රා යහනේ .... චන්ද්‍රා යහනේ සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ සේද සිනා උඩු සුළගේ පාවෙලා ගියේ පමා වෙනා වස්සානය නාවත් කම් නැතුවා වැහි ලිහිනයනේ වඩින්න ගිම්හානය නොතකා පිණි කඳුලක් වී ඉන්නම් ඔබේ තනිය මකලා පද්ම තටාකේ දිලෙන්න පියුමක් වී පිපිලා .... පියුමක් වී පිපිලා ....

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs