Skip to content

Lyrics

සිංහල
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා මකරන්ද පියුරු ගාලා චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා නැලවෙන්න මිහිර දීලා කුංකුම සුවඳ උරා දිස්වෙන ලීලා අංජන සිසිල නුරා ඇස් වල ගාලා දෑතේ බැදී හාදු දිදී ලැමට වෙලී ඉදලා දෙතොලේ කොනක් සෙමින් හපලා ඔබ ආයෙත් ඇසක් කොනට කරලා යන්තම් හොරෙන් මදෙස බලලා මට ඩිංගක් සිනාසෙන්න ඕනා නලවලා ගස්සලා මෙහෙ බලන්න හැරිලා හිනැහිලා මට කියන්න ආදරේද කියලා මී පැනින් නාවාලා සූකිරිත් ගාවාලා ආදරෙයි ආදරෙයි කියන්නකෝ කොඳුරාලා දෙතොලේ කොනක් සෙමින් හපලා ඔබ ආයෙත් ඇසක් කොනට කරලා යන්තම් හොරෙන් මදෙස බලලා මට ඩිංගක් සිනාසෙන්න ඕනා පියම්බරා නියගලා වද මලක්ද නෙලලා අන්දලා බන්දලා හැඩ බලන්න හිතිලා මීදුමත් ශෘංගාරයි දෙදුනුත් රන් පැහැයයි පාළුවත් නැති ගානයි ආදරෙයි පෙර සේමයි ආදරෙයි ආදරෙයි සිඹින්නකෝ ලං වීලා දෙතොලේ කොනක් සෙමින් හපලා ඔබ ආයෙත් ඇසක් කොනට කරලා යන්තම් හොරෙන් මදෙස බලලා මට ඩිංගක් සිනාසෙන්න ඕනා

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs