Skip to content

Lyrics

සිංහල
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා මා බැලුවේ කම්පාවී කුමක් කරමිද කියා උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා ගැඹුරු ඔබේ දෑස පුරා ජීවිතේ පෙනේ දෑත මගේ දෑත ඔබා නොකී දුක් දැනේ මල්වරව දෙතොල් අනුරතිය යදී එලෙස බලා හිදිනු කෙසේ දෝ උමතු නොවී තහනම් ආදරයේ .... පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක් නැති විස්මිත වූ නීල නුවන් අහස මෙන් දිලී මා වියරු වේවී හිරිඔතප් රකී ඔබද මගේ මමද ඔබේ නෑ එසේ නොවේ තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා මා බැලුවේ කම්පාවී කුමක් කරමිද කියා උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා (තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා).. /

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs