Skip to content

Lyrics

සිංහල
සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී සොවින් පිරි මගේ හදවත .../

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs