Skip to content

Lyrics

සිංහල
සඳ බලන්න බැහැ මට ඔබේ මුහුණ මතක් වෙනවා තරු බලන්න බැහැ මට ඔබේ දෙනෙත මතක් වෙනවා පිනි බලන්න බැහැ මට ඔබේ කදුලු මතක් වෙනවා මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා මුතු බලන්න බැහැ මට ඔබේ දසන් මතක් වෙනවා කණ යොමන්න බැහැ මට ඔබේ හඩම මතක් වෙනවා මල සිබින්න බැහැ මට ඔබේ සුවද මතක් වෙනවා මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා සඳ බලන්න බැහැ මට ..../ ලොව පෙන්නේ නැති විලසට නෙත් යුග පියවෙද්දෙන් සුවද එන්නේ නැති විලසට මද නල සිර වෙද්දෙන් හඩ ඇහෙන්නේ නැති විලසට දෙසවන් ඇහිරෙද්දෙන් මට සිතන්න බැහැ විලසට මගේ සිත ගොළු වෙද්දෙන් සද බලන්න බැහැ මට .../

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs