Skip to content

Lyrics

සිංහල
පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම් හද සන්තානයේ සදා සරණා ආයාචනා සුසුම් නුරාගික පැතුම් - පිපාසිත සිතුම් මන මන්දිරයෙ කලාලය මත මී අමා බඳුන් නියාළුව හදින් - පියා නෙතු පියන් යොමා යුග සවන් තනි වෙමි ඇගේ ගී නදින් මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින් අරාජික පාරාදීසය සොයා එමි සිතින් පෙමාතුර හැඟුම්.... අරා සිරි යහන් - නිදා වැතිරෙමින් සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින් සුරා මල් පැනින් - පොඟා යුග ලවන් පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන් පෙමාතුර හැඟුම්....

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs