Skip to content

Lyrics

සිංහල
මහද වීණා - තත නංවනා රාවේ ඔබගේ දයාවේ - සැංගී සිනාවේ -මහද වීණා මඳ සීත නළවැල් - හමනා දසන්තේ වනමල් ද සුවඳැල් - සැලෙනා වසන්තේ පිපි තාරකා නිල් - අඹරේ වනා සේ ඔබගේ දයාවේ - සැංගී සිනාවේ පෙර ඈත සිතුවම් - මැවිලා පෙනෙන්නේ මගෙ දෑස සැතපී - සුවසේ නිදන්නේ මඳහාස ඔබගේ - නැත නෙත් පියන්නේ ඔබගේ දයාවේ - සැංගී සිනාවේ

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs