Skip to content

Lyrics

සිංහල
කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ අපේ ගමේ රබන් පදේ උඹට ඇහෙනවදෝ ... කජු නාඹර රස මී අඹ ගස් යට වැහි වැහලා කොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා .../ කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ කොහෝ කොහෝ .../ රබන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ කොහෝ උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ ... කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ අපේ ගමේ රබන් පදේ උඹට ඇහෙනවදෝ කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝ

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs