Skip to content

Lyrics

සිංහල
සඳ තුරුලට රෑ ජාමෙක වළාගැබක් ළඟ විලසට ඔබ තුරුලේ සැඟවිලා ඔබේ සිහිනේ ගැවසිලා සිත සනසන සුවය ගෙනමි මං ගත නළවන සුවය සදමි මං හෙට දින යලි හමු වූ විට ඔබේ හිනැහී තෙපලන්න මට අමා සුවය ඔබ ගෙනෙයි හිත සතුට ඔබ සදා අදත් හෙටත් මම ඔබෙයි කියා මමත් ඔබට ආදරේ නගා ඔබේ විලවුන් සුවඳ කාමරේ පුරා විහිදිලා ඔබේ කටහඬ තාම ඇහෙනවා සවන් කොඳුරලා ජීවිතේට කිසිමදාක වෙන් නොවන්න ළඟින් ඉන්න ඔබට සදා සුවය ගෙනාවා දිවි ඇති තුරා ළඟින් ඉන්නවා දුටුව පළමු දා පටන් ඔයා සිත අරන් ගිහින් සිහින මාළිගා සදන් ඉන්නේ ඇයිද ඔයා තව ඉතින් සඳ තුරුලට... දිවි ඇති තුරු සුවය සදමි මං සිත සනසා සුවය ගෙනෙමි මං ඔබේ තුරුලේ සැඟවෙන්නෙමි මං ඔබට සදා සුවය ගෙනෙමි මං ඔබ නැති ලොව මට කුමටද පානා දා ඔබ එනතුරු මග බලනෙමි සැමදා වේදනාම වේවා එන්න මා සොයාලා දිවි ඇති තුරු සුවය සදමි මං සිත සනසා සුවය ගෙනෙමි මං ඔබේ තුරුලේ සැඟවෙන්නෙමි මං ඔබට සදා සුවය ගෙනෙමි මං

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs