Skip to content

Lyrics

සිංහල
රන් මාලයක් ගෙනල්ලා ඔබගේ ගෙලේ පළඳලා (මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා).. ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා දෙමව්පියන්ගෙන් වෙන් වී යන දිනය අදයි අපේම පුංචි කැදැල්ලේ තනිවෙන්න ළඟයි අතීතයේ සුබ සිහිනේ ඉටුවෙන දවසයි මෙලෝ වසනතුරු මා හදවත ඔබේ ලඟයි ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා නෑදෑ මිතුරන් අපගේ අද එකතු වෙලා ආසිරි වරුසා පතලා අප සතුටු කළා අදින් පසුව දිවි ගමනේ යමු අපි දෙදෙනා දුකයි සැපයි එක සේ මිහිරියි හොඳයි කියා රන් මාලයක් ගෙනල්ලා ඔබගේ ගෙලේ පළඳලා (මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා).. (ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා)...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs