Skip to content

Lyrics

සිංහල
මේ දිගන්තයේ මල් වසන්තයේ ඈ නිසංසලේ මා නිසංසලේ නිල් ගුවන්ගැබේ පායනා සඳේ දන්නවාද ඒ පෙම් කතන්දරේ සිත නෑ කියන්නෙ නෑ ගත බෑ කියන්නෙ නෑ ඇය හාදු දෙන්නෙ නෑ ඈට තෙරෙන්නෙ නෑ සිතුවැල් රැඳෙන්නෙ නෑ නෙතුවැල් බැ‍‍‍ඳෙන්නෙ නෑ පැතුමන් නෙලන්න නෑ ඇය ආදරේ දෙන්නෙ නෑ මේඝ මාරුතේ රෑට සීතලේ යොවුන් හැඟුම් මගේ තැලී පෙලෙයි ගතේ සිත නෑ කියන්නෙ නෑ... ලඳුනේ අනුකම්පා නැතිදෝ සිතිලා සිත නෑ කියන්නෙ නෑ ගත බෑ කියන්නෙ නෑ ඇය හාදු දෙන්නෙ නෑ ඈට තෙරෙන්නෙ නෑ ඇය මාව දන්නෑ මගේ ස්නෙහේ දන්නෑ කොඳුරා කියන්න නෑ දුර ඈත ඉන්නෙ ඈ ඔබ මට ගෙන දෙන වේදනා යලි යලි පාරයි චේතනා මා දුක් කඳුලේ නැහැවෙනා වසන්තයේ රෑ ඔබ ගැන සිතමින් රෑ දිවා වසන්තයේ මල් පීදිලා ඉවත බලාගෙන ඇයි ඔයා මට ඔබ නැති ලොව එපා මා සනසනු රෑ දිවා රෑ දිවා රෑ දිවා රෑ නෙතුවැල් නැලවී සිතුවැල් වැලකී හසකැන් මියැදී හද සෝ වියැකී

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs