Skip to content

Lyrics

සිංහල
හිමිදිරි යාමේ පිනිකැට දිලිසෙනවා සමිඳුගේ මුහුණේ හසරැල් මතුවෙනවා ආදරේ නමින් ජිවිතේ පුදා එදත් අදත් හෙටත් හිනාවෙලා... ජේසුනි මේ ඔබද ජේසුනි මා ඔබේද කියන්න ජේසුනි කියන්න ජේසුනි කියන්න ජේසුනි මා ඔබේද... ගිනි මද්ධහනේ තණපත් මැලවෙනවා දසදහසක් පව් මාගෙන් සිදුවෙනවා ආදරේ නමින් පව් කමා වෙලා රත්තරන් හදක් මටත් දෙන්න... ජේසුනි මේ ඔබද... නිසසල රැයෙහි ඔබව මතක් වෙනවා කළ පව් සිහිවී මගේ හිත කකියනවා ආදරේ නමින් සුසුම් මකා මගේ ආදරේ මටත් කියාදෙන්න... ජේසුනි මේ ඔබද... කියන්න ජේසුනි කියන්න ජේසුනි කියන්න ජේසුනි මා ඔබේද... /

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs