Skip to content

Lyrics

සිංහල
කලකට පස්සෙ ඔබ අමතන්නෙ මිතුරී පුදුම හිතන්නත් එපා මගේ සොඳුරී ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා පහුගිය දවසක මගෙ ජීවිත උයනේ ඉඳහිට පිපෙනා සුවඳ විහිදෙනා රුවැති මලක් පිපුණා ඒ මල් සුවඳින් ප්‍රාර්ථනා නැහැවී මුළු ජීවිතයම මල් සුවඳයි ලැබුවේ කොහෙන්ද සුර මල් ලොවෙන්ද තව හොඳ හොඳ මල් තව තව තියේද ඒවා අහන්නෙපා සොයලා බලන්නෙපා ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා සිහිනේ තවමත් පෙණෙනවා සවනේ මුමුණා ඇසෙනවා සුළඟේ සුවඳක් දැණෙනවා දිවියේ රොන් රස තියෙනවා ඔබ හමු නොවුණා කියලා තරහා වෙන්නෙපා ඔබ ඇමතුවෙ නෑ කියලා අමනාප වෙන්නෙපා ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා මට ඔබ හිමි නෑ කියලා තරහා වෙන්නෙපා මම ඔබ ළඟ නෑ කියලා අමනාප වෙන්නෙපා තාමත් පෙණෙනවා මුමුණා ඇසෙනවා සුවඳක් දැණෙනවා රොන් රස තියෙනවා

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs